මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය දුන් මුස්ලිම් වැසියන්

අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය පිළිගැන්වූ මුස්ලිම් වැසියන්

by Chathuranga Rajapaksha 13-03-2018 | 10:25 PM
Colombo (Newsfirst) - ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් කටයුතු කිරීමේ පූර්වාදර්ශය අද අනුරාධපුරයේ දී දක්නට ලැබුණි. තායිලන්තයේ සිට මෙරටට වැඩම කළ භික්ෂුන් වහන්සේ හතලිස් පස් නමක් අද අනුරාධපුර පූජා භූමියට වැඩම කළහ. උන්වසන්සේලා බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන අනුරාධපුර, නීරාවිය ගම්මානය ආසන්නයෙන් වැඩම කරන විට ගම්වැසියන් මහා සංඝරත්නයට පිණ්ඩපාත දානය ලබා දුන්නේ සහජීවනය පිළිබඳ රටට සිහිපත් කරමිනි. https://www.youtube.com/watch?v=1tBq6ura6O0