අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි අඩපණ වෙයි

අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි අඩපණ වෙයි

by Sagarika Chathumali 13-03-2018 | 10:51 AM
COLOMBO (Newsfirst)  : අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 30ක අධ්‍යයන කටයුතු අද 14 වන දිනටත් අඩාල වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂමන් දිසානායක මහතා පැවසුවේ, අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් සියලුම පීඨවල  සිසුන්ගේ දේශන කටයුතු අඩාල වී ඇති බව යි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, අනධ්‍යන සේවක වැඩ වර්ජනය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සියලු කටයුතු මේ වන විට අඩාල වී ඇති බව ය. 15000 අධික අනධ්‍යන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලමිනි. 2016 වසරේ ගිවිසුම්ගත වු එකඟතාව ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියි. ගැටලු විසඳීම සඳහා වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා රාජකාරී ආරම්භ කිරීමට පෙර සාකච්ඡාවක් ලබා දී තිබූ අතර ඉන් අනතුරුව මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දී නැතැයි වෘත්තීය සමිති චෝදනා කළේ ය. වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව සිසුන් ලක්ෂ 2කට අධික ය. https://www.youtube.com/watch?v=K1q5kY0YtGg