අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය කැපේ

අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය කැපේ

by Staff writer 13-03-2018 | 6:49 AM
Colombo (Newsfirst) - අද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කැලණිය, බියගම, පෑලියගොඩ සහ වත්තල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.