අඩු පීඩන කලාපය දිවයිනෙන් බැහැරව අරාබි මුහුදු තීරයට

අඩු පීඩන කලාපය දිවයිනෙන් බැහැරව අරාබි මුහුදු තීරයට

by Staff writer 13-03-2018 | 10:04 AM
Colombo (Newsfirst) - දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය ක‍ළේ, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති වන අතර ම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට හැකියාව පවතින බව ය. දිවයිනට දකුණු දෙසින් පැවැති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට නිරිත දෙසින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරන බව ය.