FB මගින් වැරදි තොරතුරු ප්‍රචාරය කළ සිසුවා රිමාන්ඩ්

Facebook මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සිසුවා රිමාන්ඩ්

by Hashini De Mel 12-03-2018 | 7:26 PM

COLOMBO (News 1st) - ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ තොරතුරු Facebook මගින් පළ කළ කොළඹ ප්‍රධාන පාසලක සිසුවෙක් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකාර සිසුවා කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. වයස 18 හැවිරිදි අදාළ සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.