Facebook තහනම ඉවත් වන්නේ කවදා ද?

Facebook තහනම ඉවත් වන්නේ කවදා ද?

by Sagarika Chathumali 12-03-2018 | 8:24 AM

COLOMBO (News 1st)  : Facebook ඇතුළු සමාජ ජාල වෙත පිවිසීමට ඇති අවහිරතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ, සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඒ බව පැවසුවේ අද දිනයේදී ෆේස්බුක් අවහිරතාව ඉවත් කරන්නේ ද යන්න පිළිබඳව News 1st කළ විමසුමකදී ය. යථා කාලයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ද ජනාධිපති ලේකම්වරයා පැවසී ය. Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, පසුගිය 7 වන දා ය. විදුලි සංදේශ නියාමන කොමිසම එලෙස සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, මහනුවර ඇති වු කළහකාරී තත්ත්වයත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීම සඳහායි.

Facebook තහනම කොයිබට ද..?