මහ වැස්සට ගසක් යටට වී සිටි පවුලක කඳුළු කතාව

හිසට සෙවණ නොමැතිව මහ වැස්සට ගසක් යටට වී සිටි පවුලක කඳුළු කතාව

by Hashini De Mel 12-03-2018 | 9:48 PM

COLOMBO (News 1st) - ඊයේ මහ වැසි ඇද හැලෙද්දී ගසක් යට සිටි මව්පිය දෙදෙනෙකු සහ දරු දෙදෙනෙකු අද බිබිල පොලීසියට පැමිණියහ.

ඔවුන් පැවසුවේ, කවුරුන්හෝ තම කුඩා නිවස කඩා දමා තිබු බවයි. 9 හැවිරිදි දියණියත් 3 හැවිරිදි පුත්‍රයාත් සමග මේ යුවළ බිබිල පොලීසියට පැමිණියේ තමන් නිවසේ නොසිටි අතුරතුර ඊයේ දහවල් සිදු වූ සිද්ධිය ගැන දැනුම්දීමේ අරමුණිනි. කුඩා දියණිය දහම් පාසලෙන් රැගෙන ඒමට ගොස් සිටියදී නිවස කඩාබිඳ දමා තිබු බවත් ඊයේ රාත්‍රිය පුරා ගසක් යට තෙමි තෙමි සිටි බවත් ඔවුන් පැවසූහ. ඔහු පොලිස් නිලධාරීන් ද සමග නිවස පිහිටි ස්ථානයට ගියේ ය. බිබිල පොලිස්ථානාධිපතිවරයා අප සමග පැවසුවේ, නිවසට හානි කළේ කවුරුන්දැයි සොයා ගැනීම සඳහා කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. ඔවුන් සිව් දෙනා තාවකාලිකව මව්පියන් වෙසෙන නිවසට යැවීමට පියවර ගෙන ඇත. අප කළ විමසීමකදී බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා පැවසුවේ, හැකි ඉක්මනින් ස්ථීර ඉඩමක් ලබාදීමට පියවර ගන්නා බව ය. https://youtu.be/bjIUjcWJjU0