Facebook තහනම ගැන Facebook සමාගම ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ Facebook තහනම ගැන Facebook සමාගම ප්‍රතිචාර දක්වයි

by Chathuranga Rajapaksha 12-03-2018 | 9:45 PM
COLOMBO (Newsfirst) - "ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට ත් කිරීමට කළ නොහැකි දෙයක් කර තිබෙනවා: ද්වේෂ සහගත අන්තර්ගතයන් ඇති ප්‍රවෘත්ති සහ ව්‍යාජ ප්‍රවෘත්ති මැඩලීමට ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය තහනමක් පනවයි" මේ අමෙරිකාවේ CNBC ප්‍රවෘත්ති ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම පිළිබඳව පල කර තිබූ ශීර්ෂ පාඨයකි. CNBC ආයතනයට ඊමේල් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන ෆේස්බුක් ආයතනය මෙසේ පවසා තිබේ. "වෛරීසහගත ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට අනුබල දීම පිළිබඳව අප ආයතනයේ ඉතාමත් පැහැදිලි නීතිරීති තිබෙන අතර එවැනි දේ අපගේ පද්ධතියෙන් බැහැර කිරීමට අප වෙහෙස වී කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සිදුවීම පිළිබඳව අප ප්‍රතිචාර දක්වා තිබෙනවා. අපි ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව වැඩ කරනවා මෙවැනි වෛරී ප්‍රකාශ අපගේ වෙබ් අඩවියෙන් ඉවත් කරන්න" මෙම ෆේස්බුක් තහනම පිළිබඳව අප ජනතාවගෙන් ද විමසීමක් කළේය. "ෆේස්බුක් තහනම් කරපු එක හොඳයි" "අපිට හරි පාඩුවක්" "තහනම් කරපු එක ගොඩාක්ම නරකයි" "ෆේස්බුක් තහනම් කරා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ" "සෝචනීයයි" "කට්ටිය VPN පාවිච්චි කරලා යනවා" "වැරදි විදිහට පාවිච්චි කරන කට්ටියව බ්ලොක් කරලා හෝ එහෙම දෙයක් කරලා මං හිතන්නේ නෑ තහනම් කරපු එක හොඳ දෙයක් කියලා" "ඒක ප්‍රශ්නයක් උඩ තහනම් කරපු හින්දා ඒක අවුලක් නැහැ පොඩ්ඩක් දුකකුත් තියෙනවා" "තහනම් කරාට වැඩක් නැහැ" "මම ඒකේ හොඳ තත්ත්වයක් දකිනවා" "සාමයට බාධාවක් වෙනවනම් දැන් මේ වෙනකොට වෙන්න ඕන මොකද ඒක නැවැත්තුවාට නැවතීමක් වෙලා නැහැ මේ වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක් හරහා" "සෙනසුරාදා දෙනවා කියලා කිව්වා. සෙනසුරාදා දෙනවනම් දෙන්න එපැයි" ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා "අපි කල්පනා කරලා බලන්න ඕන මෙවන් සිද්ධි අවම කරගන්න පුළුවන්කමක් තියනවද කියලා අපි ඕනම අවස්ථාවලදි සමාජජාලා වෙබ් අඩවියකදි යම් පුද්ගලයෙක් ෂෙයාර් කරන බෙදදා හදාගන්නා තොරතුර නිවැරදි ද සත්‍යය ද යම් පුද්ගයෙකුට හානියක් වෙනවා නම් එවන් සිද්ධි වලින් වැළකිලා සිටින්න ඕන" කෙසේවෙතත් මේ වනවිට මෙම සමාජ මාධ්‍ය තහනම සංචාරක මෙන්ම අන්තර්ජාල ඔස්සේ සිදු කරන ව්‍යාපාරවලට ද දැඩිව බලපා තිබේ. ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති අචාර්ය කිත්සිරි මංචනායක මහතා "රජයේ මතය වෙලා තියෙන්නේ මේ තහංචිය ඉවත් කරන්නට නම් ඒ සමාජා ජාලා වෙඩි අඩවි මෙහෙයවන සමාගම් විසින් යම් කිසි ආකාරයක රජයට වගකිමක් දෙන්න ඕන මේවා මින් ඉදිරියට නොවෙන්න වග බලාගන්නා බවට සහ ඒවා මර්ධනය කරන්නට දායක වෙන බවට. අද ගත්තාම මේක විශාල පාඩුවක් රටට විදේශිකයින් මේරටට පැමිණෙනවා ඉගෙන ගන්න දරුවන් ඉන්නවා මම සම්බන්ධ වුණා ආසියානු පැසිෆික් ප්‍රදේශයේ අධ්‍යක්ෂක ෆේස්බුක් ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යක්ෂකට ඔහු ඉන්දියාවේ. ඔහු අපට සහයෝගය පල කළා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ඕනෑම දේකට සහයෝගය පල කරන බවට. අද හවස් වෙනකටෙ ඔවුන් කියයි කෙටිකාලීන හා දිගු කාලීනව කොහොමද වාරණයක් නැතුව නිරීක්ෂණයකට හා අධීක්ෂණයකට යටත්ව ක්‍රියාත්මක කරන්නේ කියලා අද ලොකු ගැටලුවක් කියනවා සෑම ක්ෂේත්‍රයකම ඉන්නා සියලු දෙනාට මේක විශාල ගැටලුවක් වෙලා තියනවා. අපේ ඉල්ලයක් තියනවා වසර 2022 වනකොට අමෙරිකානු ඩොලර් බිලියන 5 ආර්ථිකයක් ලංකාවේ තොරුතරු තාක්ෂණය තුළින් නිර්මාණය කරන්න ඒවාට විශාල ගැටලුවක් වෙනවා මේ වාරණය" වෘත්තිකයෙක් "මම අයිටී එකේ වැඩ කරන්නේ ඩිජිටල් මාර්කට්න් කම්පැනි එකක ෆේස්බුක් තහනම් කලා කියලා කියන්නේ ගොඩක්ම අමාරුයි අපි වගේ කම්පැනි එකකට ස්වයිවෙන්න මොකද ෆේස්බුක් හරහා තමයි ගොඩක්ම අපේ කම්පැනි එකේ බිස්නස් රන් වෙන්නේ. වට්ස්අප් කෝල් එහෙම අපට ගන්න විදිහක් නෑ මොකද අපේ කොම්පැනි එකේ ගොඩක්ම යන්නේ පිටරට ක්ලයන්ලත් එක්ක තමයි සම්බන්ධකම් පවත්වන්නේ ඒ වගේ කොල්ස් ගන්න බෑ කියන්නේ අපට ගොඩක් අමාරුයි" විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂන සුබවික්‍රම මහතා "ජනතාවගේ එදිනෙදා ජිවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියන අවස්ථාවකත් ඇයි මේ වගේ සංනිවේදනය කප්පාදු කරලා තියන එකට අපි දැඩි විරුද්ධත්වය ප්‍රකාශකරනවා මොකද මේකෙන් වැඩි අසාධාරණයට ලක්වෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයා ඔවුන් ඉන්නේ සැතපුම් ගණන් දුර විනාඩියක් කතා කරන්න රුපියල් 100 යි 150 යි අපට වියදම් වුණේ අද පවුල් අතර සම්බන්ධතාවය ගොඩක් ලංවෙලා තියනවා මේ සන්නිවේදන ක්‍රමය නිසා ඉතිං මේ රජය ඒ අවස්ථාව නැති කරලා තියනවා රජයට අවශ්‍යතාවයක් තිබුණා අපට දැනෙන හැටියට මේ සන්නිවේදන ක්‍රමය පාලනය කරන්න අර අඬන්න ඉන්න කෙනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ" විදේශ සංචාරකයින් ද සමාජ මාධ්‍ය තහනම පිළිබඳ සිය අදහස් පළ කළේය. "හුඟක් අමාරුයි සමාජ මාධ්‍ය නැතුව මගේ පවුලේ අයත් එක්ක සම්බන්ධවෙන්න" "මම හිතන්නේ ඒක වැදගත් එකිනෙකා සමග කතාබහ කරන්න" සමාජ මාධ්‍ය තහනම පිළිබඳ අදහස් පළ කළ හෝටල් ව්‍යාපාරිකයින් "විශේෂයෙන්ම දකුණු පළාතේ ගත්තොත් සංචාරක කලාපයක් මේ සංචාරක කර්මාන්තය විශාලම හානියක් සිද්ධ වුණා. හොටෙල්වල බුකින් පවා කැන්සල් වෙලා තිබුණා" "තහනම් කරල ද කියලා ඒ ගොල්ලෝ අහනවා අපි කියනවා කදරකාරි දින කිහිපය තුළ එහෙම වුණත් ඉක්මණින්ම මේක රජය අයින් කරයි කියලා සංචාරක ව්‍යාපාරය විදිහට සංචාරකයින් එහෙම අහන එකත් අපට පුංචි අඬුවක් විදිහටයි මං සළකන්නේ" මේ අතර නීතීඥ සංවිධාන ජාතික එකමුතුව අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත වෙත සමාජ්‍ය මාධ්‍ය තහනමට එරෙහිව පැමිණිල්ලක් සිදු කළේය. නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් ගමගේ මහතා "අපි දකිනවා මෙම ක්‍රියාමාර්ගය සම්පුර්ණයෙන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තුන්වෙන පරිච්චේදයේ 14 වන ඡේදය ඒ වගේම එක ආ වගන්තියේ භාෂණයේ හා ප්‍රකාශණයේ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහසට සෘජු ලෙසම එල්ල කරන ලද තර්ජනයක් ලෙස තමයි අපි මේ බාධාව දකින්නේ" සමාජ ජාලා වෙඩ් අඩවි තහනම් කිරීමට ගත් තීරණය හේතුවෙන් මිලියන 4.5 ඉක්ම වූ සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නන්ගේ මානව හිමිකම් කඩකිරීමක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව ජිනිවාහී පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් සිදු කිරීමට ඊයේ පියවර ගත් බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙත පිවිසීමට ඇති අවහිරතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මේ පිළිබඳව අප නීතීය හා සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේය. "අපි ඉතා ඉක්මනින් මේ ප්‍රශ්ණය විසඳුනායින් පස්සේ ඉතා ඉක්මණින් නැවත මේ සඳහා තියන තහනම ඉවත් කරනවා වාතාවරණය හොඳ පැත්තට හැරුණට පස්සේ"