විවේකයට අකමැති හොළිවුඩ් නිළිය...

විවේකයට අකමැති හොළිවුඩ් නිළිය...

by Sagarika Chathumali 12-03-2018 | 2:58 PM

කාර්ය බහුල දිවි පෙවෙතින් මිදී විවේකීව කල්ගත කිරීමට තමා කිසිඳු කැමැත්තක් දක්වන්නේ නැතැයි, සුපිරි හොළිවුඩ් නිළියක සහ අධ්‍යක්ෂවරියක වන ඇන්ජලිනා ජොලි පවසන්නී ය.

ඇය සඳහන් කළේ, එවැනි අවිවේකී දිවි පිවෙතකින් විනෝදයට පත්වන්නියක ලෙස ලෙස තමා හැඳින්විය හැකි බවයි. විවේකීව කල් ගත කරන ලෙස අන් අය තමාට පවසනු ඇසීමට ද තමා අකමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. ඇන්ජලිනා ජොලි මේ වන විට සිය සහකරු වූ හොළිවුඩ් නළු බ්‍රැඩ් පිට්ගෙන් වෙන්ව ජීවත් වේ.