"රටේ ජනතාවට මහ ප්‍රශ්නෙ අමතක වුණා" - හිටපු ජනපති

"රටේ ජනතාවට මහ ප්‍රශ්නෙ අමතක වුණා"- හිටපු ජනපති

by Sagarika Chathumali 12-03-2018 | 2:33 PM

COLOMBO (News 1st)  : පසුගිය දා මහනුවර ඇති වූ සිදුවීමත් සමග මහ බැංකු වංචාව වැනි මහා ප්‍රශ්න ජනතාවට අමතකව ගොස් ඇතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

"රටේ මහා බැංකුවේ මහ කොල්ලය පිළිබඳ තිබිච්ච කතාව කෙලින්ම යට ගියා. එහි පළවෙනියා පැනලා ගිහිල්ලා තියන එක අමතක වෙලා තියනවා.  රටේ තිබිච්ච මහා ප්‍රශ්න මිනිස්සුන්ට අමතක වුණා. මේ ඉතාම සියුම් ලෙස මේ රටට රටේ තිබිච්ච ප්‍රශ්න පිළිබඳව ජනතාව අමතක කරලා දාලා මේ මහනුවර සිද්ධිය මහා ලොකු සිද්ධියක් වශයෙන් මුළු රටේ ම කතා බහට ලක් කරන්න පියවරක් ගත්තා" එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, නුවර සිදුවීම එතරම් දුරදිග යාමට හේතුව බලධාරීන් එම අවස්ථාවේ නිසි පියවර නොගැනීම නිසා බවයි. "රටේ තියන තත්වයන් පිළිබදව මම අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. අද මහනායක හාමුදුරුවනේ මම පසුගිය දවසේ හිටියේ නුවර ප්‍රදේශයේ එහි ඇති වි ඇති තත්වය ඉතාම කානගාටුදායක තත්වයක්. මේ තරම් දුරදිග යන්න එක හේතුවක් වුණේ ඒ අවශ්ශ්‍ය වෙලාවට අවශ්ශය කාර්ය ඉටු නොකිරිම වගකිය යුත්තන්" හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඇල්පිටිය, නවදගල ශෛලයතිලකාරාමයේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී ය. එහිදි චෛත්‍ය කොත හා තෙමහල් සංඝවාස ගොඩනැගිල්ල විවෘත කිරීම ද එතුමා අතින් සිදු කෙරිණ. https://www.youtube.com/watch?v=RCKJ-68ND0I