මහනුවර පාසල් අද සිට යළි විවෘතයි

මහනුවර පාසල් අද සිට යළි විවෘතයි

by Sagarika Chathumali 12-03-2018 | 6:40 AM

COLOMBO (News 1st)  : මහනුවර ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමග දින නියමයක් නොමැතිව වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අද යළි විවෘත කෙරෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමුණේ, පසුගිය අඟහරුවාදා සිටයි. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ ඒ සඳහා සුදුසු පරිසරයක් පවතින බැවින් අද දිනයේ යළි පාසල් විවෘත කරන ලෙස අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දී ඇති බවයි. ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පාසල් නොපැවැත්වුණු දිනවලට අදාළව අතිරේක දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ග්නනා බවයි.