බංග්ලාදේශ ගුවන් යානා අනතුරින් මගීන් 50 ක් මරුට

බංග්ලාදේශ ගුවන් යානා අනතුරින් මගීන් 50 ක් මරුට

by Hashini De Mel 12-03-2018 | 3:38 PM

COLOMOBO (News 1st) - UPDATE නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළේදී අද සිදු වූ ගුවන් අනතුරින් මගීන් 50 දෙනෙකු මිය ගිය අතර තව ත් 17 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නේපාල සහන සේවා කණ්ඩායම් සමත්වී තිබේ.

යානය අනතුරට ලක්වන විට එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 71 දෙනෙකු සිටි බව මේ වන විට වාර්තා වේ.
මගීන් 67 දෙනෙකු රැගත් බංග්ලාදේශ ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් නේපාලයේදී අනතුරට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළට ගොඩබෑමට යාමේදී ගුවන් යානය කඩා වැටී ඇති බවයි. ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු මේ වන විට මුදා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැත. ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේ, ගුවන් යානය කඩා වැටීමෙන් පසු එය ගිනි ගත් බවත් මේ වන විට ගින්න පාලනය කරමින් සිටින බවත් ය.