බිත්තර ආනයනය කිරීම නතර කෙරේ

බිත්තර ආනයනය කිරීම නතර කෙරේ

by Hashini De Mel 12-03-2018 | 4:08 PM

COLOMBO (News 1st) - බිත්තර ආනයනය නතර කිරීමට තීරණය කර තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, දේශීය අවශ්‍යතාවය ඉක්ම වූ බිත්තර නිෂ්පාදනයක් රට තුළ පවතින බැවින් බිත්තර ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් නිහාල් වෙඩිසිංහ මහතා ඒ බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා වෙත දන්වා ඇති බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වරාය හා රේගුව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. ඉදිරි උත්සව කාලයට ප්‍රමාණවත් තරම් බිත්තර නිෂ්පාදනයක් පවතින බැවින් බිත්තර ආනයනට කිසිදු අනුමැතියක් ලබා නොදෙන ලෙස තමන් විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම නිවේදනයේ සඳහන් කළේ ය.