දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි

by Sagarika Chathumali 12-03-2018 | 10:40 AM

COLOMBO (News 1st) : අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින ආසන්නයේ පැවති තරංගකාරි කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් බවට පත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක මහතා පැවසුවේ, එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර වැසි සහිත අවස්ථාවල සුළඟේ වේගය ද පැයට 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.