තුන්කොන් සටනේ ඉන්දීය - ශ්‍රී ලංකා දෙවන තරගය අද

තුන්කොන් සටනේ ඉන්දීය - ශ්‍රී ලංකා දෙවන තරගය අද

by Sagarika Chathumali 12-03-2018 | 7:29 AM

COLOMBO (News 1st)  : තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වේ.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුවාර 20 යි 20 තරග 2 ක තහනමක් පැනවීය. ඒ අනුව ඉදිරි තරග දෙකේදී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. මේ වන විට තරගාවලියේ කණ්ඩායමේ තුනම එක් තරගය බැගින් ජය ගෙන තිබීම විශේෂත්වයකි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිව ඇති අතර දෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායමට ද බංග්ලාදේශ කණ්ඩායම තෙවන ස්ථානයට ද පත්ව සිටී. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා තරගයට පෙර සහභාගී වන අවසන් පුහුණු සැසියට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ සහභාගී විය.