කැලණිය, බියගම සහ පෑලියගොඩට ජල කප්පාදුවක්

කැලණිය, බියගම සහ පෑලියගොඩට ජල කප්පාදුවක්

by Sagarika Chathumali 12-03-2018 | 2:01 PM

හෙට පෙරවරු 9 සිට පැය 9යක කාලයක් කොළඹ තදාසන්න ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කැලණිය, බියගම, පැලියගොඩ සහ වත්ත නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටු වනු ඇති. අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසී ය.