COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් පසුගිය දින කිහිපයේ පක්ෂයට හා නායකත්වයට එරෙහිව හඬ අවදි කළේ, මෙවර මැතිවරණයේදී තමන් නොසලකා හැර ඇති බව පවසමිනි.
අද ත් පොල්ගහවෙල ආසනයේ එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළහ.
පොල්ගහවෙල දකුණ කොට්ඨාසයේ අපේක්ෂක අයි. එම්. එම්. ඉමිටියාස්,
අපි පොල්ගහවෙල ආසනයේ ක්‍රියාකාරි දේශපාලඥයෝ පහුගිය මැතිවරණයේ මම පොල්ගහවෙල දකුණු කොට්ඨාසයෙන් තරඟ වැදුණු අපේක්ෂකයා මම තරග කරලා 1200 ඡන්ද ලබාගත්තු පුද්ගලයෙක් මේ පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රසාද මන්ත්‍රීකම් ලබාදෙනකොට මන්ත්‍රීකම් ලබාදීලා තියෙන්නෙ නුසුදුසු ආකාරයට එක් එක් පුද්ගලයන්ගේ හිතු මනාපෙට මුදලට එහෙමත් නැත්නම් තමන්ගේ හිතවත්කම්වලට එහෙමයි ගරු ලේකම්තුමනි අග්‍රාමාත්‍යතුමනි මේවා දීලා තියෙන්නේ මේක වැරදයි මෙහෙම ගියොත් පොල්ගහවෙල ආසනය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වැඩසටහන්වලට කිසිම කෙනෙක් එකතු කරගන්න බැරිවෙනවා අපිට
ලැයිස්තු අපේක්ෂක,නෙයිනා මොහොමඩ්,
ගරු නායකතුමනි මේ පක්ෂය අද පරදින්ට හේතුව මේ නොහොබිනා පුද්ගලයින් දමා මේ එක්සත් ජාතික පක්ෂය අපිට මින් ඉදිරියට ගෙනියන්න නම් මේකට සැකසුමක් කරලා දෙන්න එහෙම නැත්නම් අපි සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් සමුගන්නා බව ඔබතුමාට මා ඉතා කණගාටුවෙන් ඉල්ලා සිටිනවා
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හා සීතාවක ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් පසුගිය 9 වන දා සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු උපනගරාධිපති, චින්තක උදයශාන්ත,
මට තරග කරන්න දුන්නේ නැහැ, මම අංක 4 කොට්ඨාසයේ, ඒකට දැම්මා පැරදිච්ච කෙනෙක්. නමුත් මම ඉවසන් හිටියා. දැන් ලයිස්තුවට දාලා තියනවා කෝට්ටේ ආසනයේ ඡන්දය නැති පුද්ගලයෙකුත්
කඩුවෙල මහානගර සභාවේ හිටපු විපක්ෂ නායක, ප්‍රියන්ත පත්බේරිය,
එක්සත් ජාතික පක්ෂය මං වගේ පක්ෂය රැක්ක, අමාරු වේලාවේ නායකයා රැක්ක, මට මෙහෙම කරානම් සලකනවානම්, තව මොන කවර කතාද? කියලා මම අහනවා. මම අහනවා එක්සත් ජාතික පක්සයේ මහලේකම්තුමාගෙන් විලි ලැජ්ජ නැද්ද මේ තීරණ තීන්දු ගන්න? ඔබතුමා නෙමෙයි ද මේකේ තීන්දු තීරණ ගන්නේ?
එක්සත් ජාතික පකෂයේ වයඹ පළාත් සභා මන්ත්‍රී, අජිත් රෝහණ,
අපේ එක්සත් ජාතික පක්ෂ නායකතුමනි මට බලවත් අසාධාරණයක් කරලා තියනවා. අපි ඉන්නේ ටිකට් බෙදන්නයි, කොළඹට සෙනග ගේන්නයි කොඩි වැල් එල්ලනයි ස්ටේජ් ගහන්නයි විතර ද කියලා නායකතුමාගෙන් අහනවා
https://youtu.be/EcyyGmNm5WE