ආණ්ඩුව ඇතුලෙත් වෘකයෝ ඉන්නවා - රවී කරුණානායක

ආණ්ඩුව ඇතුලෙත් වෘකයෝ ඉන්නවා - රවී කරුණානායක

by Chathuranga Rajapaksha 12-03-2018 | 10:43 PM
COLOMBO (Newsfirst) - මහනුවර, දිගන හා රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ ගැටලුකාරි තත්ත්වයට වගකිව යුත්තේ කවුද? මැති ඇමතිවරු ඒ පිළිබඳව අදහස් පළ කළේය. වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා "මෙවැනි මේ සිද්ධියක් ඇතිවෙන්න හේතුව පෙබරවාරි මාසේ 10 වැනිදා මැතිවරණයේ ප්‍රතිඵල කියන එක ඉතාමත් පැහැදිලියි. මං මේක වගකීමෙන් කියන්නේ ආනමඩුවේ මේ සිද්ධියේදී අත්තඩංගුට අරන් තියෙන හත්දෙනා මේ සියලුම දෙනා පසුගිය පෙබරවාරි 10 වැනිදා මැතිවරණයේ පොහොට්ටුව ජයග්‍රහනය කරවීමට ආණමඩුවේ නගරයේ අපෙක්ෂකයා ජයග්‍රහනය කරවන්නට මහන්සි වෙච්චි කැපවෙච්චි කැන්වසින් කරපු මැතිවරණ ව්‍යාපාරයේ උදවිය තමයි මේ අටදෙනාම බොහොම පැහැදිලියෙන් මම වගකීමෙන් කියනවා" එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා "මහසෝන් බලකාය කියලා බලකායක් හදාගෙන අපිට ආරංචියේ හැටියට නුවර කුරුණෑගල, ගලගෙදර කියන ප්‍රදේශවල මේක ක්‍රියාත්මක වෙනවලු .මේ මහසෝන් බලකාය පිටුපස්සෙ කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවා කියන එක ප්‍රසිද්ධයි මේ මහාසෝන් බලකායේ ප්‍රධානියා අණ දෙන නිලධාරියා කැබිනට් එකේ ඉන්න උසම මහසෝනා කියලා මම කියන්න කැමතියි" එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා "අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. වෘකයෝ බැටළු හම ඇඳගෙන"