අමෙරිකාවේ ඊස්ට් ගඟට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

අමෙරිකාවේ ඊස්ට් ගඟට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

by Sagarika Chathumali 12-03-2018 | 9:09 AM

නිව්යොක් නගරයේ ඊස්ට් ගංඟාවට හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගලවා ගැනීමේ කිමිඳුම්කරුවන් විසින් පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර මොවුන්ගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. යානයේ නියමුවා දිවි බේරාගෙන තිබේ. බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි. රූස්ට්වෙල්ට් දිවයින අසල ඊස්ට් ගංඟාවට මෙලෙස කඩා වැටී ඇත්තේ, ඡායාරූපගත කිරීමක් සඳහා ගිය පිරිසක් රැගත් යානයකි. අනතුරු සම්බන්ධයෙන් එරට ‍ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=STl91Ha6wb8