ගිනි අවියක් සමග මහනුවර‍දී තිදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සමග මහනුවර‍දී තිදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සමග මහනුවර‍දී තිදෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

12 Mar, 2018 | 11:23 am

COLOMBO (News 1st) : මහනුවර, හන්තානකන්ද ප්‍රදේශයේදී ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, නිට්ටඹුව සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ති දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් මනුෂ්‍ය ඝාතනයකට සහ ඝාතනයකට තැත් කිරීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බවට අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.