මහනුවර සිද්ධියට සම්බන්ධ 161 දෙනෙකු අත්අඩංගුවට

මහනුවර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 161ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 11-03-2018 | 8:48 PM

COLOMBO (News 1st)  : මහනුවර සහ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 230 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඉන් සැකකරුවන් 161දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ය. තව ත් සැකකරුවන් 69 දෙනෙකු දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයයේ තත්ත්වය මේ වනවිට සාමකාමී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඔහු සඳහන් කළේ, තවදුරටත් එම ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදාව අනුයුක්ත කර ඇති බවයි. මේ අතර මහනුවර සිදුවීම් හේතුවෙන්, දේපළ හානි සිදුව ඇත්නම් ඒ පීළිබඳ දේපළ පිහිටි ස්ථානයට අයත් පොලිස් ස්ථානය වෙත කඩිනමින් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.