මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට විවෘත වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට විවෘත වෙයි

by Hashini De Mel 11-03-2018 | 5:08 PM

COLOMBO (News 1st) - මහනුවර සිදුවීම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ වසා දැමුණු සියලු පාසල් හෙට සිට යළි විවෘත කෙරේ.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේ, පාසල් නොපැවැත්වුණු දිනවලට අදාළව අතිරේක දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවයි. සිදුවීම් කිහිපයක් හේතුවෙන්, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමුණේ පසුගිය අඟහරුවාදා සිට ය.