මත්ද්‍රව්‍ය ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 24ක් දැලේ

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය පිරිසක් අත්අඩංගුවට

by Hashini De Mel 11-03-2018 | 6:13 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කෙළඹ, කුරුණෑගල, මාතලේ, මීගමුව,ගලේවෙල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 - 35ත් අතර වයස්වල පසුවන්නන් ය. සැකකරුවන් හැටන් මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.