by Hashini De Mel 11-03-2018 | 4:38 PM
COLOMBO (News 1st) - පානදුරේදී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි.
ඔහුගේ නිකටේ කැපුම් සළකුණක් සහ නළලේ තැලුම් තුවාල දක්නට ලැබෙන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
වයස අවුරුදු 60 ක් පමණ විය හැකි එම පුද්ගලයාගේ සිරුර මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර තිබේ.