පාතාල මධුෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් කොටු වෙයි

පාතාල මධුෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් කොටු වෙයි

by Sagarika Chathumali 11-03-2018 | 5:52 PM

COLOMBO (News 1st)  : සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මධූෂ් නමැත්තාගේ අපරාධ කල්ලියේ ප්‍රබල සමාජිකයින් දෙදෙනෙකු අද පස්වරුවේ මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, පොලිස් විශේෂ කාර්ය බලකාය අද මාතර, වැලිගම, මිදිගම ප්‍රෙද්ශවල කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන් සන්තකයේ ඇති අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂණ සිදුකරනු ලබන බවයි. https://www.youtube.com/watch?v=8LDN8VCAOa8