පෙරියකුලම් වැවේ ඔරුවක් පෙරලීමෙන් 5ක් මරුට

නිලාවේලි, පෙරියකුලම් වැවේ ඔරුවක් පෙරලීමෙන් 5ක් මරුට

by Chathuranga Rajapaksha 11-03-2018 | 2:23 PM

COLOMBO (Newsfirst) - ත්‍රිකුණාමලය, නිලාවේලි පෙරියකුලම්වැවේදී ඔරුවක් පෙරළීමෙන් කුඩා දරුවන් 4 දෙනෙකු හා වැඩිහිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද උදෑසන ආගමික කටයුත්තක් සඳහා පෙරියකුලම වැව ආසන්නයට පැමිණි නිලාවේලි ප්‍රදේශයේ ඥාති පවුල් 3ක පිරිසක් මෙම අනතුරුට මුහුණ පා තිබේ. දේව පූජාවක් සඳහා අහාර පිසීමෙන් අනතුරුව මෙම පිරිස නෙළුම් කොළ කැඩීම සඳහා වැවට ගොස් ඇත. අනතුරෙන් 42 හැවරිදි ධර්මලිංගම් සංඝදුරේ ජීවිතක්ෂයට පත් විය. ඔහු වෘතියෙන් බස් රියැදුරෙක් වන අතර ඔහුගේ දියණිය ද සිද්ධියෙන් මිය ගියේ ය. ඇය නව හැවරිදි සංඝදුරේ සංඝවි නම් වේ. ඔවුන්ගේ ඥාති පවුලක දරුවන් දෙදෙනකුගේ ද ජීවිත මෙම අනතුරින් අහිමි විය. ඒ, 9 හැවරිදි සුරේශ් කේසිරාජ් සහ 7හැවරිදි සුරේශ් උදේශාන් යන සොහොයුරන් ය. අනතුරින් මිය ගිය අනෙක් දරුවා වන්නේ, 7හැවරිදි සුගන්දන් ගෘහවි යි. මෙම දරුවන් ත්‍රිකුණාමලය නිලාවේලි රෝමානු කතෝලික විද්‍යාලයේ අධ්‍යාපනය ලබණු ඇත. https://www.youtube.com/watch?v=SM2vEFfmjQA