'නිල් මහා සටන' ජය පරාජයකින් තොරව අවසන් වෙයි

'නිල් මහා සටන' ජය පරාජයකින් තොරව අවසන් වෙයි

by Hashini De Mel 11-03-2018 | 6:23 PM

COLOMBO (News 1st) - දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද ජය පරායෙන් තොරව අවසන් විය.

තරගය මෙවර පැවැත් වූයේ 139 වැනි වරටයි. ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා ගිය රාජකීය ක්‍රීඩකයින් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 143 කි. කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටු විය. ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩ කළ රාජකීය ක්‍රීඩකයින් ඊයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 178 කි. තරගය අද තුන් වැනි දිනය සඳහා ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් රැස් කර ගෙන සිටියේ ය. දුලිත් ගුණවර්ධන ලකුණු 59 කි. ශලින් ද මැල් 57 ක් රැස් කළ අතර සිතාර හපුහින්න ලකුණු 47 ක් රැස් කළේ ය. ශාන්ත තෝමස් ක්‍රීඩකයින් දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 227 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිට විය. ඒ අනුව රාජකීය ක්‍රීඩකයින්ට හිමි වූ ඉලක්කය ලකුණු 216 කි. රාජකීය දෙවැනි ඉනිම වෙනුවෙන් කවිඳු මදරසිංහ නොදැවී ලකුණු 58 ක් රැස් කළේ ය. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට රාජකීය ක්‍රීඩකයින් කඩුලු 6 ක් දැවී ලකුණු 143 ක් රැස් කර ගෙන සිටියේ ය. https://youtu.be/OKv8DT41G2g