මාරාන්තික වෛරසයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

ඩීසීස් එක්ස් නැමති මාරාන්තික වෛරසයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 11-03-2018 | 8:20 AM
ලොව පුරා පැතිර යා හැකි ඩිසීස් එක්ස් (Disease X) නැමති නව මාරාන්තික වසංගයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ, වාර්ෂික රෝග අවධානම පිළිබද වාර්තාව එළි දක්වමිනි. මෙය ඊබෝලා H1N1 වැනි මාරාන්තික මට්ටමේ වසංගතයක් විය හැකි බව විදෙස් වාර්තා පවසයි. ඩීසීස් එක්ස් වෛරසය ආසාදනය වූ රෝගියෙකු මෙතෙක් හඳුනා නොගත්ත ද මේ වසරේ එය ලෝකයට ප්‍රබල අවධානමක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේය.