COLOMBO (News 1st) - වෙළදපොළේ එළවළු මිල ගණන් 10% පමණ පහළ ගොස් තිබේ.
මැනිං වෙළෙඳපොළේ ලේකම් ගාමිණි හඳුන්ගේ මහතා සඳහන් කළේ, පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ව වෙළෙඳපොළ තුළ එළවළු මිල පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව පවතින මිල ගණන් වන්නේ,
- බෝංචි කිලෝවක් රුපියල් 70.00
- ලීක්ස් කිලෝවක් රුපියල් 100.00
- බීට් කිලෝවක් රුපියල් 20.00
- කැරට් කිලෝවක් රුපියල් 60.00
- ගෝවා කිලෝවක් රුපියල් 25.00
- අමුමිරිස් කිලෝවක් රුපියල් 60.00
- තක්කාලි කිලෝවක් රුපියල් 50.00
- වම්බටු කිලෝවක් රුපියල් 60.00
- පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 40.00
- මාළුමිරිස් කිලෝවක් රුපියල් 100.00
- කරවිල කිලෝවක් රුපියල් 60.00