ආහාර විෂ වීමක් නිසා රෝගී වූ 110 ක් කයිට්ස් රෝහලට

ආහාර විෂ වීමක් හේතුවෙන් රෝගී වූ 110 ක් කයිට්ස් රෝහලට

by Chathuranga Rajapaksha 11-03-2018 | 12:34 PM
COLOMBO (Newsfirst) - ආහාර විෂවීමක් හේතුවෙන් රෝගී වූ පුද්ගලයින් 110 දෙනෙකු යාපනය, කයිට්ස් රෝහලට ඇතුලත් කර තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරුවේ එම පිරිස රෝහල් ගතකළ බව ය. තවත් පිරිසක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය. ආගමික ස්ථානයකදී ආහාර ගැනීමෙන් පසු මෙම පිරිස රෝගී වී තිබේ. මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද කයිට්ස් රෝහල් බලධාරීන් සඳහන් කළේය.