අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් ඇතැයි චෝදනා

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයෙන් චෝදනා

by Chathuranga Rajapaksha 11-03-2018 | 9:07 AM
COLOMBO (Newsfirst) - අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය පවසයි. එහි කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේ, පොල් සඳහා රුපියල් 75ක පාලන මිලක් නියම කර තිබුණ ද වෙළදුන් වැඩි මිලට ඒවා අලෙවි කරන බව ය. සීනි රුපියල් 120ක පමණ මිලට අලෙවි වන බව ත් සහල් ඉතා ඉහළ මිලකට අලෙවි වන බව ත් රංජිත් විතානගේ මහතා සඳහන් කළේය. ඊට අමතරව දඹුල්ලේ එළවළු ඉවත දමද්දී අනෙකුත් නගරවල එළවළු මිල ද ඉතා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට චෝදනා කරමින් රංජිත් විතානගේ මහතා පවසයි. මේ තුළින් පාරිභෝගිගකයා දැඩි සූරා කෑමකට ලක්වන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා වැඩි දුරට ත් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අප විමසීමක් කළේය. එහි සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, දිවයින පුරා වැටලීම් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව ය.