Sirasa Junior Super Star කිරුළ රොවෙන් අර්ල්ට

Sirasa Junior Super Star කිරුළ රොවෙන් අර්ල්ට

by Chathuranga Rajapaksha 10-03-2018 | 9:59 PM
COLOMBO (Newsfirst) - ලාංකේය ළමා ගායන තරු අභිෂේක ගන්වන 'සිරස ජුනියර් සුපර් ස්ටාර්' කිරුළ හිමිකර ගැනීමට රොවෙන් අර්ල් සමත් විය. ඒ, අද රාත්‍රියේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පැවති අවසන් මහා තරගයේදී ය. තරගකරුවන් විශාල පිරිසක් අතුරින් මෙවර 'සිරස ජූනියර් සුපර් ස්ටාර්' තරගයේ අවසන් මහා තරගයට රොවෙන් අර්ල් සමගින් සුදුසුකම් ලබා ගත්තේ ඉෂිණි තමෝද්‍යා, පින්සර මධුභාෂණ හා සුමීරක අදීප යි. කිරුළ හිමි කරගත්, රොවෙන් අර්ල්ට රුපියල් ලක්ෂ 20 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණේ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරුවන් වන ශාන්ති භගිරදන් සහ නීඩ්‍රා වීරසිංහ යන මහත්මින්ගේ සුරතිනි. එම අවස්ථාවට සිරස ටී.වී. නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර මහතා ද එක්විය. 'සිරස ජුනියර් සුපර් ස්ටාර්' තරගාවලියේ ජනප්‍රියම ගායන තරුවට හිමි සම්මානය සුමීරක අදීප දිනා ගත්තේය. එහි අනු ශූරයින් ලෙස, ඉෂිණි තමොද්‍යා, පින්සර මධුභාෂණ සහ සුමීරක අදීප සම්මානයට පාත්‍ර විය. අනු ශූරයින් සදහා පිරිනැමුණු මුදල් ත්‍යාගය රුපියල් ලක්ෂ 5කි. ලාංකේය රියැලිටි වැඩසටහන් කලාවේ පුරෝගාමියා වෙමින් ்සිරස සුපර් ස්ටාර් වැඩසටහන' හරහා ප්‍රතිභාපූර්ණ ගායන තරු ලාංකීය සංගීත කේෂත්‍රයට හඳුන්වා දුන් අප, සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහන ආරම්භ කළේ, දිවයිනේ සිව්දෙස සිටින දුවා දරුවන්ගේ ගායන කුසලතා ඉදිරිපත් කිරීමට අලුත් වේදිකාවක් නිර්මාණය කරමිනි. එහි කූට ප්‍රාප්තිය සනිටුහන් කරමින් සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගය නිමාවට පත්වුණේ ප්‍රතිභාපූර්ණ ළමා ගායන තරු රැසක් හෙළ සංගීත කේෂත්‍රයට දායාද කරමිනි. අවසන් මහා තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර උත්කර්ෂවත් අංග රැසකින් ද එය සමන්විත විය. https://www.facebook.com/NewsfirstSL/videos/1870352916358291/