Sirasa Junior Super Star අවසාන මහා තරගය අද

Sirasa Junior Super Star අවසාන මහා තරගය අද

by Staff writer 10-03-2018 | 7:48 AM
Colombo (Newsfirst) - සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසාන මහා තරගය අද රාත්‍රියේ රත්මලාන ස්ටයින් මැදිරියේදී පැවැත්වේ. තරගකරුවන් විශාල පිරිසක් අතරින් සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගයට සිව් දෙනෙක් සුදුසුකම් ලැබූහ. ඒ ඉෂිණි තමෝද්‍යා, රොවෙන් අර්ල්, පින්සර මධුභාෂණ හා සුමීරක අදීප යි. අද රාත්‍රී 7.30ට සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගය ඇරඹේ. අවසන් මහා තරගය රාත්‍රී 7.30 සිට සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙන අතර එහි සමගාමී විකාශයක් සිරස FM ඔස්සේ ද සිදු කෙරේ.