සියලු ම විලවුන් වර්ග අද සිට නියාමනය කෙරේ

සියලු ම විලවුන් වර්ග අද සිට නියාමනය කිරීමට පියවර

by Staff writer 10-03-2018 | 11:48 AM
Colombo (Newsfirst) - අද සිට මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලු ම විලවුන් වර්ග නියාමනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබේ. එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, අදාළ තත්ත්වය යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව ය. එලෙස අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන ආයතන පරීක්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව ද ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ ය.