ශ්‍රී ලංකාවට යළි Facebook ලැබෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවට යළි Facebook ලැබෙන්නේ මෙහෙමයි

by Chathuranga Rajapaksha 10-03-2018 | 5:33 PM
COLOMBO (Newsfirst) -  මහනුවර, දිගන ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටවූ සමාජ මාධ්‍ය ඉදිරි දින දෙක තුළ යථා තත්ත්වයට පත් වනු ඇතැයි තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලයේ සභාපති කිත්සිරි මංචනායක මහතා "අද වෙනකොටත් අයි පී රිලීස් කරලා තියෙනවා WhatsApp ක්‍රියාත්මක වෙමින් තියෙනවා මම හිතන්නේ හෙට වෙනකොට Viber සම්පූර්ණයෙන්ම රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට" සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය හා අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීමට රජය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි මංචනායක මහතා අදහස් පළ කළේය. "රජයට කියනවා සම්පූර්ණ සහාය දෙන්න සුදානම් මේ සඳහා පත් කරන්න කම්ටුවක් ශ්‍රී ලංකා පොලිසිය CID එක පෞද්ගලික අංශ ඒ වගේම අමාත්‍යාංශ ICT එක වගේ කම්ටුවක් පත් කරලා මේ පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕන. ඒ වගේම රජයකට පුළුවන් මේ සමාජ වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කරලා මේ අකාරයේ පහත් මට්ටටේ ප්‍රසිද්ධ කරන්නා වූ දෙවල් ජාතිවාදය ප්‍රචලිත කරන්නා වූ නිවේදන විඩියෝ ක්ලිප්ස් දාන්නා වූ පොස්ට් සියල්ලක්ම අයින් කරන්න පුළුවන් සිංගප්පුරුවේ ඉතාම ලස්සනට මේක මෙහෙයවමින් තියෙනවා චීනය මේක මෙහෙයවමින් ඉන්නවා අමෙරිකාව ලස්සනට මේක මෙහෙයවනවා" https://www.facebook.com/NewsfirstSL/videos/1870292529697663/