මහනුවරට ගිය අගමැති

වැරදි කරපු අයට විරුද්ධව ක්‍රියා කරන්න - අගමැති මහනුවරදී කියයි

by Chathuranga Rajapaksha 10-03-2018 | 8:28 PM
COLOMBO (Newsfirst) - දින කිහිපයකට පෙර ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත විය. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මහනුවර නගර සභා බල ප්‍රදේශයට හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල බල පැවැත්වෙන පරිදි පැනවූ ඇදිරි නීතිය අද අලුයම 5 න් අවසන් විය. මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත්ව ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණියේ ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ අරමුණිනි. අග්‍රාමාත්‍යවරයා කලහාකාරී සිදුවීම් වාර්තාවුණු මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, අකුරණ, අකුරණ 7 කණුව ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළේය. එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික් විශේෂ ආරක්ෂක කමිටු සාකච්ඡාවකට එක්වුණේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1870197749707141/