වවුනියාව රෝහලේදී දින 2ක් වයසැති බිළිඳෙකු අතුරුදන්

වවුනියාව රෝහලේ උපත ලැබූ දින 2ක් වයසැති බිළිඳෙකු අතුරුදන්

by Staff writer 10-03-2018 | 7:09 AM
Colombo (Newsfirst) - වවුනියාව රෝහලේදී දින 2ක් වයසැති බිළිඳෙකු අතුරුදන් වී තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, වවුනියාව බෝගස්වැව පදිංචි එම්.එම්. කල්‍යාණි මහත්මිය මීට දින 2කට පෙර බිහි කළ පිරිමි දරුවෙකි. ඇය පසුගිය 05 වන දා දරු ප්‍රසූතිය සඳහා වවුනියාව රෝහලට ඇතුළත්ව තිබේ. දරුවා අතුරුදන් වීමට පෙර සිය බිරිඳ සමග කාන්තාවක මිතුරු වී ඇති බවත් බිරිඳ වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී දරුවා ද අදාළ කාන්තාව ද අතුරුදන්ව සිට බවත් කල්‍යාණි මහත්මියගේ ස්වාමි පුරුෂයා ඒ.ආර්. රාමනායක මහතා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා වවුනියාව රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වී ය. එම රෝහලේ ප්‍රකාශිකාවක පැවසුවේ, අතුරුදන්වූ දරුවා මෙතෙක් හමුවී නොමැති බව ය. මේ අතර මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, මෙතෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය.