by Staff writer 10-03-2018 | 1:11 PM
Colombo (Newsfirst) - වවුනියාව රෝහලේදී අතුරුදන් වූ දින 2ක් වයසැති බිළිඳා අනුරාධපුර රෝහලෙන් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම කාන්තාව අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියක බව ය.
ඇය අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
වවුනියාව රෝහලේදී උපත ලැබූ එම බිළිඳා ඊයේ දිනයේදී මෙලෙස අතුරුදන් විය.
එලෙස අතුරුදන්ව වූයේ, වවුනියාව බෝගස්වැව පදිංචි එම්.එම්. කල්‍යාණි මහත්මිය මීට දින 2කට පෙර බිහි කළ පිරිමි දරුවෙකි.
ඇය පසුගිය 05 වන දා දරු ප්‍රසූතිය සඳහා වවුනියාව රෝහලට ඇතුළත්ව තිබේ.
දරුවා අතුරුදන් වීමට පෙර සිය බිරිඳ සමග කාන්තාවක මිතුරු වී ඇති බවත් බිරිඳ වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී දරුවා ද අදාළ කාන්තාව ද අතුරුදන්ව සිට බවත් කල්‍යාණි මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ඒ.ආර්. රාමනායක මහතා සඳහන් කළේ ය.