මුරුසි ජනපතිනිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

මුරුසි දිවයිනේ ජනපතිනී අමීනා ගුරීබ් ෆකීම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

by Staff writer 10-03-2018 | 10:25 AM
(Newsfirst) - මුරුසි දිවයිනේ ජනාධිපතිනී අමීනා ගුරීබ් ෆකීම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවකට ලක්වීම හේතුවෙනි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ පුණ්‍ය ආයතනයකට අයත් මුදල් පෞද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් ජනපතිවරිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ය. අමීනා ගුරීබ් ෆකීම් අප්‍රිකානු කලාපීය රටක ජනාධිපති ධූරය හොබවන එක ම කාන්තාව යි.