මහනුවර සිදුවීම් විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

මහනුවර සිදුවීම් පිළිබඳව විමර්ශනයට ජනපති විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කෙරේ

by Staff writer 10-03-2018 | 11:07 AM
Colombo (Newsfirst) - මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කළහකාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ අනුව විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කළහකාරී සිදුවීමට මුල්වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපල හානි පූරණය කිරීම, සිදුවීම් පිටුපස කුමන්ත්‍රණකාරී හස්ථයක් ක්‍රියාත්මක වූයේ ද යන්න මෙමගින් විමර්ශනය කිරීමට නියමිත බව ය. මීට අමතරව අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට බලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සහ ඔවුන්ගේ වගවීම ආදි කරුණු පිළිබඳවත් මෙමගින් විමර්ශනය කෙරෙනු ඇති.