ජනපති ලබන සඳුදා ජපානයේ සංචාරයක

ජනපති ලබන සඳුදා රාජ්‍ය සංචාරයක් සඳහා ජපානය බලා පිටත් වෙයි

by Staff writer 10-03-2018 | 10:06 AM
Colombo (Newsfirst) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සඳුදා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ජපන් අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ ආරාධනයක් අනුව ජපානයේ සංචාරයක නිරත වන ජනාධිපතිවරයා ලබන 17 වන දා දක්වා එරට රැඳී සිටීමට නියමිත බව ය. ජනාධිපතිවරයා ලබන 13 වන දා ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ය.