ජනපති ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී

ජනපති ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී

by Chathuranga Rajapaksha 10-03-2018 | 6:23 PM
COLOMBO (Newsfirst) - ඉන්දියාවේ නවදිල්ලි නුවරදී හෙට ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එරටට ළඟාවිය. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුචිගන් ෂාම් මහත්මිය විසින් ගුවන් තොටුපොළේදී ජනාධිපතිතුමා මහත් හරකසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ද තානාපති කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සූදානම් කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමාගේ මෙම දෙදින නිල සංචාරය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටී. https://www.facebook.com/NewsfirstSL/videos/1870303209696595/