වරාය නැව් තටාකාංගනයේදී විදුලි සැර වැදී අයෙක් මරුට

කොළඹ වරාය නැව් තටාකාංගනයේදී විදුලි සැර වැදී අයෙක් මරුට

by Staff writer 10-03-2018 | 8:40 AM
Colombo (Newsfirst) - කොළඹ වරාය නැව් තටාකාංගනයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, 38 හැවිරිදි ඉන්දිය ජාතිකයෙකු එලෙස මිය ගොස් ඇති බව ය. අදාළ ඉන්දීය ජාතිකයා සේවයේ නිරතව සිටියදී ඊයේ රාත්‍රී 8.00ට පමණ විදුලි සැර වැදීමට ලක්ව ඇති අතර බරපතල තත්ත්වයෙන් යුතුව ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.