පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

අම්පාර හා මහනුවර සිදුවීම්වලට සම්බන්ධ වූවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්

by Staff writer 10-03-2018 | 2:54 PM
Colombo (Newsfirst) - පසුගිය දිනවල අම්පාර හා මහනුවර ප්‍රදේශයන්හි සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයින් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. මෙම මෙහෙයුම් මැදිරිය මගින් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසයි. අදාළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු 011 - 3024892, 011 - 3024883 යන දුරකතන අංක මගින් හෝ [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා දිය හැක.