සීගිරියේ උතුරු දොරටුව විවෘත කිරීමට පියවර

සංචාරකයින් සඳහා සීගිරියේ උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ

by Staff writer 09-03-2018 | 2:36 PM
Colombo (Newsfirst) - සීගිරිය නැරඹීමට එන සංචාරකයින් සඳහා උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව තිබේ. මෙම උතුරු දොරටුව පිහිටා ඇත්තේ, පිදුරංගල කන්දට මුහුණලා යි. සීගිරියේ සිංහ පාදයට පිවිසෙන ස්ථානයට ඉදිරියෙන් පිහිටි මෙම උතුරු දොරටුව චන්ද්‍ර පාෂාණයෙන් නිම කළ පියගැට පෙළකින් සමන්විත වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් මෙම උතුරු දොරටුව විවෘත කිරීමට තීරණය කර ඇති බව ය.