වසර 10කට පසු මොනරාගල සමනල ගහණය වැඩි වෙයි

වසර 10කට පසු මොනරාගල සමනල ගහණය වැඩි වෙයි

by Staff writer 09-03-2018 | 1:21 PM
Colombo (Newsfirst) - මොනරාගල-බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගොඩයාය හා හෙලගම යන ප්‍රදේශවල මේ දිනවල සමනලුන්ගේ ගහණය වැඩි වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, සති 2ක කාලයක සිට මෙලෙස සමනලුන්ගේ ගහණය වැඩි වී ඇති බව ය. සාමාන්‍යයෙන් මෙම කාලයේදී සමනලුන් මහගොඩයාය හා හෙලගම යන ප්‍රදේශ හරහා පියාසර කරන අතර මෙවර සමනලුන් වැඩි වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශවාසීන් පවසන්නේ, වසර 10කට පසු මෙලෙස සමනල ගහණයේ වැඩි වීමක් දැකගත හැකි බව ය. උදෑසන 10.00ත් පස්වරු 1.00ත් අතර කාලය තුළදී මෙලෙස සමනලුන් පියසර කරනු බහුලව දැකිය හැකි ය.