by Chathuranga Rajapaksha 09-03-2018 | 4:01 PM
COLOMBO (Newsfirst) - මහනුවර දිස්ත්‍රික්කයේ වසා දැමු සියලු පාසල් ලබන සඳුදා යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
පාසල් වසා දැමු දින සඳහා හිලව් සැසි පැවැත්විමට පියවර ගන්නේ ද යන්න පිළිබඳව ප්‍රධාන අමාතවරයාගෙන් අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, පළමු වාරයේදී පාසල්වල ක්‍රිඩා තරග පැවැත්වෙන බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව සළකා බලන බව ය.