මහනුවරට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

by Staff writer 09-03-2018 | 7:00 AM
Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ය. මේ අතර පැවැති තත්ත්වයත් සමග වාර්තා වූ නිවාස සහ දේපල හානි තක්සේරු කිරීම ආරම්භ කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසුවේ ය. ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය.