ගාල්ලේ පොල් වගාවට මයිටා උවදුර

ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාවට මයිටා උවදුර පැතිරෙයි

by Staff writer 09-03-2018 | 11:29 AM
Colombo (Newsfirst) - ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාවට මයිටා උවදුර පැතිර යමින් පවතින බව පොල් වගා හිමියෝ පවසති. ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් තම පොල් වගාවන්හි ඵලදාව අඩු වීමේ අවදානමක් මතුව ඇති බව ය. ඒ අනුව එම උවදුර පිළිබඳව වගාකරුවන් දැනුවත් කර එය පාලනය කර ගැනීම සඳහා ප්‍රතිකාරකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ ය.