ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා හමුවීමට සැරසෙයි

කිම් ජොන් අන් සහ ට්‍රම්ප් අතර හමුවක් නුදුරේදී ම

by Staff writer 09-03-2018 | 8:36 AM
(Newsfirst) - උතුරු කොරියානු නායකයා හමුවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබේ. වොෂින්ටන්හි සංචාරයක නිරත දකුණු කොරියානු නියෝජිතයින් ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමගින් සාකච්ඡා පැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කැමැත්ත පළ කළ බව ය. ඒ අනුව ලබන මැයි මාසයේදී උතුරු කොරියානු නායකයා හමුවීමට ජනපති ට්‍රම්ප් සූදානම් බව දකුණු කොරියානු ආරක්ෂක උපදේශකවරයා ධවල මන්දිරයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.